තාරකා විද්‍යා කැලැන්ඩරය 2010 පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ ඊ.ඩී.ආර්. සුදර්ශන   
2010 ජනවාරි 06 වෙනි බදාදා, 18:30
AddThis Social Bookmark Button

 

මෙම තාරකාවිද්‍යා කැලැන්ඩරය මගින් වර්ශය පුරා සිදුවන සියළුම තාරවිද්‍යා සිද්ධීන් වලට අදාල චද්‍රයා දිස්වීම, උල්කා වර්ශා, චද්‍ර සහ සූර්යය ග්‍රහන වැනි සිත් ගන්නා සිදුවීම් ඇතුලත් වේ. මේ වායෙන් බොහොමයක් පියවි ඇසින් දැකිය හැකි අතර සමහර ඒවා දුරේක්ෂ හෝ දෙනෙති මගින් නිරීක්ෂණය කලයුතුවේ.

 

ජනවාරි

ජනවාරි 3, 4 - ක්වාරන්ටිස් උල්කා වර්ශාව

මධ්‍යම ප්‍රමාණයේ උල්කා වර්ශාවක් වන මෙය උතුරු ආකාශයේ මහ වලසාත් බූටීස් තාරකා රාශීන් අතර සිදුවේ. පැයකට උල්කා 40ක් පමන දැකිය හැකිය. මෙහි වැඩිම ක්‍රියා කාරිත්වය 3 සහ 4 දිනයක් හි ඇති වේ.

 

ජනවාරි 15 - නව සඳ

දුරුතු පොය ආරම්භය.

 

ජනවාරි 15 - කවාකාර සූර්යයග්‍රහණය

වසර 109 කට පසු දර්ශනය ‍වන මෙම සුර්යය ග්‍රහනය විශේෂයෙන් ඉන්දීයාව, ශ්‍රී ලංකාව, චීනය වැනි රටවල් වලට ඉතා පැහැදිලිව දර්ශනය වේ.

ජනවාරි 29 - අඟහරු දීප්තිමත් වීම

අඟහරු පෘථිවිය ආසන්න වීම නිසා එහි දීප්තිය වෙනදාට වා පැහැදිළිව දර්ශණය වේ. මෙය අධුනකයින්ට අඟහරු පැහැදිලිය නිරීක්ෂණයට කදිම අවස්ථාවක්. තවද අඟහරු ඡායාරූප ගැනීමටත් කදිම අවස්ථාවක්.

 

ජනවාරි 30 - පුර සඳ

දුරුතු පොහෝ දිනය.

 

පෙබරවාර

පෙබරවාරි 14 - නව සඳ

නවම් පෝය ආරම්භය.

 

පෙබරවාරි 28 - පුර සඳ

නවම් පොහො දිනය.

 

මාර්තු

මාර්තු 15 - නව සඳ

මැදින් පෝය ආරම්භය

 

මාර්තු 22- සෙනසුරු දීප්තිමත් වීම

සෙනසුරු පෘථිවිය ආසන්න වීම නිසා එහි දීප්තිය වෙනදාට වා පැහැදිළිව දර්ශණය වේ. මෙස අධුනකයින්ට සෙනසුරු පැහැදිලිය නිරීක්ෂණයට කදිම අවස්ථාවක්.

 

මාර්තු 30 - පුර සඳ

මැදින් පොහො දිනය.

 

අප්‍රියල්

අප්‍රියල් 14 - නව සඳ

බක් පෝය ආරම්භය

 

අප්‍රියල් 21, 22 - ක්වාරන්ටිස් උල්කා වර්ශාව

මධ්‍යම ප්‍රමාණයේ උල්කා වර්ශාවක් වන මෙය ලයිරා තාරකා රාශිය මුල්කරගෙන සිදුවේ. පැයකට උල්කා 20 ක් පමන දැකිය හැකිය. මෙහි වැඩිම ක්‍රියා කාරිත්වය අප්‍රියල් 21 සහ 22 දිනයක් හි ඇති වේ. මෙම උල්කා වර්ශාව අප්‍රියල් මාසයේ 16 සිට 22 දක්වා දැකිය හැකිය.

 

අප්‍රියල් 21, 22 - ක්වාරන්ටිස් උල්කා වර්ශාව

මධ්‍යම ප්‍රමාණයේ උල්කා වර්ශාවක් වන මෙය ලයිරා තාරකා රාශිය මුල්කරගෙන සිදුවේ. පැයකට උල්කා 20 ක් පමන දැකිය හැකිය. මෙහි වැඩිම ක්‍රියා කාරිත්වය අප්‍රියල් 21 සහ 22 දිනයක් හි ඇති වේ. මෙම උල්කා වර්ශාව අප්‍රියල් මාසයේ 16 සිට 22 දක්වා දැකිය හැකිය.

 

අප්‍රියල් 28 - පුර සඳ

බක් පොහේ දිනය.

 

මැයි

මැයි 5.6 - ඊටා ඇක්වාරිඩ්ස් උල්කා වර්ශාව

Aquarius හෙවත් කුම්භ රාශිය මුල් කරගෙන සිදුවීන මෙම උල්කා වර්ශාව පැයකට උල්කාපාත 10 ක් පමන දර්ශණයවේ. මෙහි වැඩිම ක්‍රියා කාරිත්වයක් දැකිය හැක්කේ. මැයි 5 සහ 6 දිනයන් වල දීය. මෙය මැයි මාසයේ 4 සිට 7 ක්වා දැකිය හැකිය.

 

මැයි 14 - නව සඳ

වෙසක් පෝය ආරම්භය

 

මැයි 27 - පුර සඳ

වෙසක් පොහෝ දිනය.

 

ජූනි

ජූනි 12 - නව සඳ

පොසොන් පෝය ආරම්භය

 

ජූනි 26 - පුර සඳ

පොසොන් පොහෝ දිනය.

 

ජූනි 26 - අර්ධ චද්‍ර ග්‍රහනය

මෙම අර්ධ චද්‍රග්‍රහණය විශේෂයෙන් ආසියාව, ඕස්ට්‍රේලියාට සහ නැගෙනහිර දූපත් සහ දකුනු අර්ධගෝලයේ චිලී සහ අජෙන්ටිනා වැනි රටවලට දැක ගත හැකිය.

 

ජූලි

ජූලි 11 - නව සඳ

ඇසල පෝය ආරම්භය

 

ජූලි 26 - පුර සඳ

ඇසල පොහෝ දිනය.

 

ජූලි 28, 29 - දකුණු ඩෙල්ටා ඇක්වාරිඩ්ස් උල්කා වර්ශාව

Aquarius හෙවත් කුම්භ රාශිය මුල් කරගෙන සිදුවීන මෙම උල්කා වර්ශාව පැයකට උල්කාපාත 20 ක් පමන දර්ශනයවේ. මෙහි වැඩිම ක්‍රියා කාරිත්වයක් දැකිය හැක්කේ. ජූලි 28 සහ 29 දිනයන් වල දීය. මෙය ජූලි මාසයේ 18 සිට අගෝස්තු 18 ක්වා දැකිය හැකි අතර වැඩිම ක්‍රියා කාරිත්වයක් දැකීමට හැක්කේ මධ්‍යාන 12 න් පසුවය.

 

අගෝස්තු

අගෝස්තු 10 - නව සඳ

නිකිණි පෝය ආරම්භය

 

අගෝස්තු 12, 13 - පර්සිඩීස් උල්කාපාත වර්ශාව

උතුරු අහසේ පර්සියන් තාරකා රාශිය මධ්‍ය ලක්ෂය කර‍ගෙන ඇති වන්නා වූ මෙම උල්කාපාත වර්ශාව වසරේ වශේෂ උල්කා වර්ශා වලින් එකක්. පැයකට උල්කා 60 පමන දැකිය හැකි මෙය වැඩිම ක්‍රියා කාරිත්වයක් දැකිය හැක්කේ අගෝස්තු 13 සහ 14 දිනයන් වල දීය. වැඩිම ක්‍රියා කාරිත්වයක් දැකීමට හැක්කේ මධ්‍යාන 12 න් පසුවය.

 

අගෝස්තු 20 - නෙප්චූන් ගේ දීප්තිය වැඩී වීම.

මෙය ඔබට නෙප්චූන් ග්‍රහලොව පැහැදිලිව දැක ගැනීමට හොඳ අවස්ථාවක්. පෘථිවිය නෙප්චූන්ට ආසන්න කක්ෂය ගමන් කිරීම නිසා වෙනදාට වඩා නෙප්චූන් ඉතා පැහැදිලිව දර්ශනය වේ. නිල් පැහැයට හුරු ගෝලාකාර ස්වභාවයකින් දැකිය හැකි මෙය පැහැදිළිව දැක ගැනීමට තරමක් ප්‍රබල දුරේක්ෂයක් අවශ්‍ය වේ.

 

අගෝස්තු 10 - පුර සඳ

නිකිණි පොහෝ දිනය.

 

සැප්තැම්බර්

සැප්තැම්බර් 8 - නව සඳ

බිනර පෝය ආරම්භය

 

සැප්තැම්බර් 21 - බ්‍රහස්පති ගේ දීප්තිය වැඩිවේ

මෙය ඔබට බ්‍රහස්පති ග්‍රහලොව පැහැදිලිව දැක ගැනීමට හොඳ අවස්ථාවක්. පෘථිවිය බ්‍රහස්පති ආසන්න කක්ෂයක ගමන් කිරීම නිසා වෙනදාට වඩා බ්‍රහස්පති ඉතා පැහැදිලිව දර්ශනය වේ. සුදු වර්ණයට හුරු කහ වර්ණයකින් දැකිය හැකි බ්‍රහස්පති දැක ගැනීමට දුරේක්ෂ අවශ්‍ය නොවේ. නමුත් එය මතුපිය පැහැදිළිව දැක ගැනීමට තරමක් ප්‍රබල දුරේක්ෂයක් අවශ්‍ය වේ. මේ අවස්ථාව තාරකා විද්‍යා ඡායාරූප ශිල්පීන්ට බ්‍රහස්පති ගේ පැහැදිලී ඡායාරූප ලබා ගැනීමට මය හොඳ අවස්ථාවක්.

 

සැප්තැම්බර් 22 - යුරේනස් ගේ දීප්තිය වැඩිවේ

මෙය ඔබට යුරේනස් ග්‍රහලොව පැහැදිලිව දැක ගැනීමට හොඳ අවස්ථාවක්. පෘථිවිය යුරේනස් ආසන්න කක්ෂයක ගමන් කිරීම නිසා වෙනදාට වඩා යුරේනස් ඉතා පැහැදිලිව දර්ශනය වේ. නිල් පැහැයට හුරු කොලපාට වර්ණයකින් දැකිය හැකි මෙය පැහැදිළිව දැක ගැනීමය තරමක් ප්‍රබල දුරේක්ෂයක් අවශ්‍ය වේ.

 

සැප්තැම්බර් 23 - පුර සඳ

බිනර පෝය දිනය

 

ඔක්තොම්බර්

ඔක්තොම්බර් 7 - නව සඳ

වප් පෝය ආරම්භය

 

ඔක්තොම්බර් 21, 22 - ඔරයිනිඩ්ස් උල්කා වර්ශාව

අපි කවුරුත් දන්න ඔරායන් තාරකා රාශිය මධ්‍ය ලක්ෂය කර‍ගෙන ඇති වන්නා වූ මෙම උල්කාපාත වර්ශාව වසරේ වශේෂ උල්කා වර්ශා වලින් එකක්. පැයකට උල්කා 20 පමන දැකිය හැකි මෙය වැඩිම ක්‍රියා කාරිත්වයක් දැකිය හැක්කේ ඔක්තොම්බර් 20 සහ 24 දිනයන් වල දීය. මෙහි උල්කා රතු වර්ණයට හුරු උල්කා දැකිය හැකිය.

 

ඔක්තොම්බර් 23 - පුර සඳ

වප් පෝය දිනය.

 

නොවැම්බර්

නොවැම්බර් 6 - නව සඳ

ඉල් පෝය ආරම්භය

 

නොවැම්බර් 17,18 - ලියොනිඩීස් උල්කා වර්ශාව

සිංහ තාරකා රාශිය මධ්‍ය ලක්ෂය කර‍ගෙන ඇති වන්නා වූ මෙම උල්කාපාත වර්ශාව වසරේ වශේෂ උල්කා වර්ශා වලින් එකක්. පැයකට උල්කා 40 පමන දැකිය හැකි මෙය වැඩිම ක්‍රියා කාරිත්වයක් දැකිය හැක්කේ නොවැම්බර් 17 සහ 18 දිනයන් වල දීය. තවද මෙම උල්කා වර්ශාව සෑම වසර 33 කට වරක්ම ඉතා ප්‍රභල අවදියකට පැමිනේ. එම අවස්ථාවේ දී පැයකට උල්කා 100 කට වඩා දැකීමට හැකිවේ. මෙවැනි අවස්ථාවක් ලෙස 2001 වර්ශය අපට දැක්විය හැකිය. එහි ප්‍රභලත්වය කෙසේ ද කයතොත් 2001 වර්ෂයේ සිදුවූ අවස්ථාවේ එම උල්කා කොටස් කිහිපයක් ලංකාවට ද පතිත වී සොයා ගැනීමට හැකිවිය. ඉතා චමත්කාර ජනක දර්ශනයක් වන මෙම උල්කා වර්ශාවේ දී අපට කොළ පැහැයට හුරු දීප්තිමත් උල්කා අහස් ගෝලයේ හරහා ඇදී යන හැටි දැකිය හැකිය.

 

නොවැම්බර් 21 - පුර සඳ

ඉල් පෝය දිනය

 

දෙසැම්බර්

දෙසැම්බර් 5 - නව සඳ

උඳුවප් පෝය ආරම්භය

 

දෙසැම්බර් 13, 14 - ජෙමිනිඩ්ස් උල්කා වර්ශාව

වස‍රේ දැකිය හැකි ඉතා වැදගත් උල්කා වර්ශාවක් වන ජෙමිනිඩ්ස් උල්කා වර්ශාව පැයකට උල්කා 60 ක් දැකිය හැකි අතර. බොහෝවිට ඉතා දීප්තිමත් සූදු වර්ණයෙන් යුත් උල්කා දැකිය හැකිය. මෙ හි ඇති විශේෂත්යට වන්නේ නොවැම්බර් මාසයේ ඇතිවන ලියොනිඩ්ස් උල්කා වර්ශාවට පසු දෙවන ස්ථානයේ සිටින්නේ ජෙමිනිඩ්ස් උල්කා වර්ශාවයි. වැඩිම ක්‍රියාකාරිත්වයක් දෙසැම්බර් 13 සහ 14 දිනයන් හි දැකිය හැකි අතර දෙසැම්බර් 6 සිට 19 දක්වා මෙම උල්කා වර්ශාව දර්ශණය වේ.

 

දෙසැම්බර් 21 - පුර සඳ

උඳුවප් පෝය දිනය

 

දෙසැම්බර් 21 - පුර්ණ චද්‍ර ග්‍රහණය

අසියාව, ඕස්ට්‍රෙලියාව, පැසිපික් සාගරය, ඇමරිකාව සහ යුරෝපට දර්නය වන මෙය නැරඹිමට විශේෂ උපකරණ අවශ්‍ය නොවේ.

 

Comments
Add New Search
Write comment
Name:
Email:
 
Title:
UBBCode:
[b] [i] [u] [url] [quote] [code] [img] 
 
Please input the anti-spam code that you can read in the image.

!joomlacomment 4.0 Copyright (C) 2009 Compojoom.com . All rights reserved."

 

කෝමා ‍බෙරිනයිසඩ් උල්කා වර්ශාවේ අසාමන්‍ය වැඩී වීමක්

    සමාන්‍යයෙ අපි කතාවට කියන්නෙ "අලු යට නොයෙනී තියන ගින්දර වගේ" කියලා මේකත් ඒ වගේ කතාවක්. කෝමා බෙරිනයිසඩ් කියන්නෙ වරකට ඇතිවන උල්කා වර්ශා වලින් ඉතාමත් අඩුම උල්කා සංක්‍යාවක් දැකිය හැකි එකක්. ...

අඟහරුවාදා, 19 ජනවාරි 2010

READMORE

සුර්යග්‍රහනය මොරටුවේ සිට නිරීක්ෂන කල අයුරු

  වසර 54 කට පසු දර්ශනය වූ වලයාකාර සුර්යග්‍රහණය මෙවර කිසිම කාළගුණ භාදාවකින් තොරව ඉතා පැහැදිලිව දැක බලා ගැනිමට ශ්‍රී ලංකා වාසීන්ට හැකිවිය. බොහෝ පිරිස් යාපනය, දඹුල්ල වැනි ප්‍රදේශයන් ...

සෙනසුරාදා, 16 ජනවාරි 2010

READMORE

‘වලයාකාර සූර්යග්‍රහණයක්’ වසර 109 පසු‍ සිදුවන්නක්

    ශ්‍රී ලංකාවාසීන් වන අප හට අවසන් වරට ‘පූර්ණ සුර්යග්‍රහනයක්’ දක්නට ලැබුනේ මෙයට වසර 54කට පෙර දී ය. වර්ෂ 1955 ජුනි 20 වැනි දින සිදු වූ මෙම ‘පූර්ණ සුර්යග්‍රහනයේ’ දී ...

සෙනසුරාදා, 9 ජනවාරි 2010

READMORE

2009 සහ 2010 අතර සිදු වූ චද්‍ර ග්‍රහනය

    පසුගිය දෙසැම්බර් 31 වෙනි දා සිදුවු මෙම අර්ධ චද්‍ර ග්‍රහනය විනාඩි 11 කාලයක් දර්ශනය විය. මෙම චද්‍ර ග්‍රහනය ඇති විශේෂත්නය වන්නේ 2009 වර්ශයේ අවසානයත් 2010 වර්ශයේ ආරම්භයත් අතර සිදු වීමය. ...

ඉරිදා, 3 ජනවාරි 2010

READMORE

2009 ඔරයිනිඩ්ස් උල්කා වර්ශාව

  පෘථිවිය නැවතත් මේ වසරේත් හේලිගේ වල්ගා තරුව ගමන්ගත් මාර්ගයේ දූවිලි වලාවට ඔක්තෝබර් 21 වෙනිදා අළුයම කාලයේ ඇතුල්වීමට නියමතය. මේ හේතුව නිසා ඇතිවන්නාවු චමත්කාර ජනක උල්කා වර්ශාව හදුන්වන්නේ ඔරයිනිඩ්ස් උල්කා ...

අඟහරුවාදා, 20 ඔක්තෝබර් 2009

READMORE