|
පර්සිඩීස් උල්කා වර්ශාවේ තොරතුරු |
|
|
|
|
ලියන ලද්දේ ඊ.ඩී.ආර්. සුදර්ශන
|
|
2009 අගෝස්තු 23 වෙනි ඉරිදා, 10:27 |
|


පර්සියස් තාරකා රාශිය මුල් කරගෙන පසුගියදා ඇති වූ උල්කා වර්ශාව ලංකාවේ බොහෝ ප්‍රදේශ වලට ඇති වූ වැසිබර සහිත කාලගුණය නිසා වලාකුළු මගින් මුළු අහසම වැසී තිබුනේය. මම ද උල්කා වර්ශාව දැකීමේ අරමුනින් අළුයම 2,3 සහ 5 යන කාල ඇතුලත නිරීක්ෂනය කිරීමට උත්සහ කලද එයින් කිසිම පලක් නොවිනි. ඒ සෑම අවස්ථාවකම අහස පුරාම වලාකුළු වලින් පිරී පැවතිනි.
නමුත් විදේශිය බොහෝ නිරීක්ෂකන්ට උලකා වර්ශාව නැරඹුබවට වාර්ථා පලවිය. පහත දැක්වෙන්නේ ඇමරිකාවේ ඔහි ප්‍රදේශයේ චුමාක් නිරීක්ෂනාගාරයේ ජේන් චුමාක් (John Chumack of Chumack Observatory ) විසින් අගෝස්තු 11 වන දා සිට 14 වන දා දක්වා රාත්‍රී කාලය තුල පටිගත කල වීඩියෝ දර්ශන5ක් එකට එක් කර සකස් කල වීඩියෝ දසුනකි. ඒ අනුව පැහැදිලි වන්නේ පර්සිඩිස් උල්කා වර්ශාව මෙවර හොඳින් දර්ශනය වූ බවට.
කෙසේ නමුදු මා ඔබට පවසන්නේ ඔබ ආධුනික තාරකා විද්‍යාඥයකු වන්නට ඔබත් සිතන්නේ නම් මේ වැනි කාලගුණ විපර්යාස නිසා ඇතිවන භාදා ඉතාමත් බහුලය. නමුත් එයින් ලබන අත්දැකීම් ඔබට කවදාවත් අපතේ නොයයි.
තවද මේ ඔක්තොම්බර් මාසයේ දී තවත් උල්කා වර්ශාවක් ඔරායන් තාරකා මණ්ඩලය මුල් කරගෙන ද, නොවැම්බර් මාසයේ දී උල්කා වර්ශාවල රජු ලෙස හඳුන්වන ලියොනිඩ්ස් දර්ශනය වීමට නියමිතය. ඒ පිළිබද විස්තර ද ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.
ඔබගේ අදහස් දැක්වීම පිළිබඳව - අදහස් දැක්වීමේදී කරුණාකර ඔබගේ වෙළඳ දැන්වීම,වෙබ් ලිපින, ඊ-මේල් ලිපින හෝ ඔබගේ පුද්ගලික දෑ ප්‍රචාරනය කිරීමට උත්සහ නොගන්න සංස්කාරක ගේ අනුමැතිය ඇතිව පමනක් ප්‍රචාරනය වන නිසා එවන් දෑ ලැබුනු සැනින් මකා දැමීමට කටයුතු කරනු ලැබේ.
Comment policy: Be nice and brief. Don't advertise your stuff, or promote your personal theories. We'll delete any comments that break these policies.
|
|
LAST_UPDATED2 |