|
2009 පර්සිඩීස් උල්කා වර්ශාව මෙවර දෙගුනයක් ප්‍රබල වෙයි. |
|
|
|
ලියන ලද්දේ ඊ.ඩී.ආර්. සුදර්ශන
|
|
2009 අගෝස්තු 10 වෙනි සදුදා, 19:22 |
|

ඔබ සූදානම්ද අහසේ පුරා තැනින් තැන අලෝකමත් කරමින් කිරණ විහිදුවන උල්කා වර්ශාවක අද්දැකීම් ලබාගන්නට? එසේ නම් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ලබාග්න කියා මා ඔබට ආරාධා කරමි. ස්විෆ්ට් ටටල් (Swift-Tuttle) නැමති වල්ගාතරුව නිසා ඉතිරිවූ කුඩා පාෂාන සහ දූවිලි කොටස් අපගේ පෘථිවියේ ආර්ශනයට හසුවී වායුගෝලය තුලට ඇදගැනීමක් සිදුවේ. මේ නිසා එම කොටස් අප වායුගෝලය තුලදී පිලිස්සීම සිදුවනදි සාමාන්‍යයෙන් දිනකට අහසේ දකින උල්කා ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දැකීම උල්කා වර්ශාවක් ලෙස අප හඳුන්වයි. පහත වීඩියෝ දර්ශනයේ දැක්වෙන්නේ පැය 5ක් තිස්සේ පටිගත කල දර්ශනයක් තත්පර 10 තට සීමාකර පෙන්වන පර්සිඩීස් උල්කා වර්ශාවේ අවස්ථාවක්.
පර්සියස් තාරකා රාශිය මුල්කරගෙන සෑම වසරකම ඇතිවන්නාවූ ප්‍රර්සිඩිස් උලකා වර්ශාවේ මෙවර උච්ච අවස්ථාව එල්‍ඹීමට නියමිතව අත්තේ අගෝස්තු 12 වෙනිදාය. පැයකට උල්කා 30ක පමණ ප්‍රමාණයක් දැක ගැනීමට හැකි මෙම උල්කා වර්ශාවේ රතු. තැඹිලි. කහ සහ සුදු වර්ණයන් ගෙන් යුත් උල්කා දැක ගැනීමට අවස්ථාව උදාවේ.
ඔවි සමහර විට ඔබට තාරකා සිතියමක් හෝ තාරකා රාශියක් හඳුනා ගැනිමට නොහැකි වීමට ඉඩ ඇති නිසා මේ උල්කා වර්ශාව නැරඹීමට ඔබට අවස්ථාව නොහැකි වේයැයි සිතීමට ඉඩ ඇත නමුත් එසේ වද වීමට අවශ්‍ය නොමැත. ඔබ පහත දක්වා ඇති උපදේ අනුව ක්‍රියා කිරීමෙන් මේ සුන්දර් අද්දැකීම ඔබටත් ලබා ගැනීමට හැකිවේ.
 |
පලමුව අහස පැහැදිලිව පෙනෙන විවෘත්ත අඳුරු ස්ථානයකට යන්න |
 |
පර්සිඩිස් උල්කා වර්ශාව ඊසාන දිග අහසේ දර්ශනය වීම සිදුවන නිසා පැහැදිලිව දකුණු අහස පෙනෙන පරිදි බිම දිගාවන්න. |
|
උල්කා වර්ශා නැරඹීමේදී අහසේ එක් ස්ථානයක් දෙස බලා සිටීමෙන් ඈතින් පෙනෙන උල්කා මගහැරීමට ඉඩ ඇති නිසා අහස දෙස පුළුල් කොණයකින් බලාසීටීමට පුරුදුවන්න. |
 |
රාත්‍රී 11.30 ඊසාන දිගින් උදාවීමට නියමිත පර්සියස් තාරකා රාශිය පාන්දර 2.30 වන විට ක්ශිතිජයේසිට අංශක 27 ඉහලට පැමීනේ මෙම ස්ථානය පිළිබඳ පැහැදිලි අදහසක් ගැනීමට නැගෙනහිර අහසේ මෙම් අවස්ථාව වන විට අපි කවුරුත් හඳුණනන හදින්න තරු පොකුර දැක ගැනීමට හැකිවේ. පර්සියස් රාශිය පිහීට ස්ථානය සොයා ගැනීමට හදින්න තරු පොකුරේ වම් පස අහස් ප්‍රදේශය දෙස බලන්න. |
|
පැහැදිලිව උල්කා දැකීමට හැකි වූයේනම් ඔබට සිතින් මවාගත හැකියි පර්සිය්‍ස් තාරකා රාශිය පිහිටි අහස් ප්‍රදේශය ම්‍ද්‍ය ලක්ශය කොටගෙන උල්කා පැමිනෙන බවට. |
 |
ඔමට තාරකා සිතියම් පිළිබද දැනුමක් ඇත්නම් මෙම උල්කා ගමන් කල මාර්ගය එනම් පටන්ගත් ස්ථානය සහ අවස්න වූ ස්ථානය අනුව කුඩා රේඛා ඇඳගැනීමට හැකි වූයේනම් මෙම උල්කා පැමිනෙන ලක්ෂය ඔබට දැකගැනීමට හැකි වේ.මේ සඳහා පහත සිතියම භාවිතා කිරීමටත් සුදුසය. |
 |
පින්න සහිත කාලගුණයක ඔබ ගොඩාක් වේලා ගතකරන නිසා ශරීරය උනුසුම්ව තබාගැනීමට ඝනමක් රෙද්දක් පොරවාගෙන මේ කාර්යය කිරීම ඉතාමත් සුදුසුය තවද මදුරුවන්ගෙන් අරක්ශාවිමත් වැදගත් කරුණක් ලෙස සිහියේ තබාගන්න. |

මෙම නිරීක්ශනය කිරීමේදී ඉවසීම ඉතාමත් වැදගත්වේ සමහරවිට ඔබට බොහෝ වේලාවක් යන තුරු උල්කාවක් දැක ගැනීමට නොහැකීවීමට ඉඩ ඇත. නමුත් මා ලද අත් දැකීමට අනුව මෙසේ කියන්නේ කෙසේ හෝ ඉවසාගෙන සිටීමට ඔබට හැකි වුවහොත් එකවරම ඉතා ලස්සන උල්කාවක් දැකීමෙන් ඔබට ඒ ඇතී වූ වීඩාව එක මොහොතී නැතිවී ගොස් ඊලග උල්කාවද එන තුරු බලා සීටීමට ඔබට ආශාවත් ඇතිවන වවට නොඅනුමානයී.
|
|
LAST_UPDATED2 |