|

වැසි බර කාළගුණදි වල දී අහස දෙස බලන ඔබට දකින්නට ලැබෙන ඉතා දැකුම්කලු වර්ණ රටාවන් සහිත දර්ශනයක් වන දේදුන්න සිත් ප්‍රීතිමත් කරන අවස්ථාවක් බවට කිසිම සැකයක් නැත.
කෙසේද මේ දේදුන්න ඇතිවෙන්නේ? ප්‍රධාන වශයෙන් දේදුන්නේ වර්ණ 7ක් දර්ශනය වේ. ඒවා නම් රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්දිගෝ, දම් වෂයෙන්. සුර්යයා ක්ෂිතිජයේ සිට අංශක 42ක පමන පහල ස්ථානයකට (උදෑසන සහ සන්ධ්‍යා කාලය) පැමිණෙන අවස්ථාවේ දී හිරුට ප්‍රතිවිරුද්ධ ක්ෂිතිජයේ දේදුන්න දර්ශනය විම සාමාන්‍යයෙන් සිදුවේ. වැසි සහිත දිනයන් හි අහසේ වාලාකුළු අතර ජලවාෂ්ප ප්‍රමාණය වැඩිය. මේ අවස්ථාවේ දී ජලවාෂ්ප මතට සුර්යයාලෝකය වැදීම නිසා එම බින්දු වල අභ්‍යන්තරයේ දී අලෝකය වර්ථණයට භාජනය වේ. මේ නිසා ජල බින්දු ප්‍රිස්මයක් අකාරයට ක්‍රියා කරයි. මේ ක්‍රියාවලිය නිසා සූර්යයා සිට පැමිණෙන සුදු අලෝකය ජලවාෂ්ප තුල දී වර්ණ හතකට කැඩී විසිරී යයි. මේ පිළිබඳ පැහැදිලි අදහසක් පහල රූප සටහන් දෙකේ දැක්වේ.
ඇයි දේදුන්නේ භාගයක් පෙනෙන්නේ?
ඇත්‍තෙන්ම දේදුන්න වෘත්ත භාගයක් නොවේ එය සම්පූර්ණ වෘත්තයක්. නමුත් පොළවෙන් වැසෙන නිසා එය අපට නොපෙනී යයි. එහෙත් දිය ඇල්ලක් හෝ කඳු බෑවුමක් සහිත ක්ෂිතිජයක් ඇති ප්‍රදේශයක දි එහි පහල කොටසද සහ ගුවන් යානයක සිට දී ඔබට එහි සම්පූර්ණ වෘත්තාකර සවභාවය ද දැකගැනීමට හැකිවේ. ඒ පිළිබඳ පැහැදිලි නිදසුන් කිහිපයක් පහත දැක්වේ.
මෙ පිළිබඳ පැහැදිලි අදහසක් ඔබට ගැනීම සදහා හොඳට හිරු එලිය ඇති අවස්ථාවක දී ජල ණලයකින් හෝ ජලය විදිනයක් (ස්ප්‍රේ බෝතලයක්) මගින් කුඩා ජලබින්දු ඉසීමෙන් ඉතා පැහැදිලිව දැක ගත හැකිවේ.
දේදුනු දෙකක් පෙනෙන්නේ ඇයි?
මෙය ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙස හැඳින්විය හැක. වර්ශාව සහිත දිනයන් හි විශාල ප්‍රමණයේ වලාකුළු රහිතව සිනිදු වලාකුළු ඇති අවස්ථාවක පලමු දෙදුන්න ඉතා පැහැදිලිව සහ ඊට ඉහලින් තවත් විශාල ප්‍රමාණනේ දේදුන්නක් අඩු දීප්තියක් සහිතව දර්ශනය වේ. තවද මෙම දේදුන්නේ ඇති තව්ත් වශේෂත්වයක් වන්නේ එහි වර්ණ පෙලගැස්ම පලමු දේදුන්නේ වර්න පෙලගැස්මට ප්‍රතිවිරුද්ධව රටාවකට පිහිටා තිබීමයි.
සාමාන්‍යයෙන් දේදුන්න දර්ශනය වන්නේ ජල බින්දුවේ ඉහලට වැදී එය තුලදී අංශක 42 පමන අභ්‍යන්තරයේ ස්ථාන 3ක වැදී පරාවර්ථනය වී ජල බින්දුවේ පහලින් වර්ණ 7කට බෙදී විසිරී යයි. නමුත් දෙවන් දේදුන්න ඇති වන්නේ සුර්යයාලෝකය ජල බින්දුවට පහලින් පැමින එහි අභ්‍යන්තරයේ 4වරක් පරාවර්ථනය වී විසිරී යන වර්ණ 7යි. නමුත් එහි අභ්‍යන්තර පරාවර්ථන වාර ගනන වැඩිනිසා විසිරීයන ආලෝකය තවත් දුර්වල වන නිසා දෙවන දේදුන්නේ වර්ණය අඩුවෙන් පෙනේ. ඒ වගේම 4වර්ක ආලොක කිරණ පරාවර්ථනය වන නිසා එහි හැරීමේ රටාව වෙන්‍ස් වන නිසා වර්න රටාව උඩු යටිකුරු වී පෙනීම ද සිදුවේ. ඊට කදිම උදාහරනයක් පහල රූප සටහන් දෙකෙන් දැක්වේ.
 |
 |
| පලමු දේදුන්න ඇතිවීම |
දෙවන දේදුන්න ඇතිවීම |
දේදුනු දෙකක් අතර තිබෙන අඳරු ප්‍රදේශය කුමක්ද?
මෙම ප්‍රදේශය හඳුන්වන්නේ Alexander's dark band නමින්ය ක්‍ර.පූ. 200 දී Alexander of Aphrodisias නැමති දාර්ශනිකයා විසින් හඳුන්වා දෙන ලදි. මෙම ප්‍රදේශයේ දී සුර්යයාගෙන් පැමිනෙන අලේකය අපගමන්නයට භාජනය වන නිසා එම ප්‍රදේශයේ අඳුරු කලාපයක් ලෙස දිස්වේ.
රාත්‍රී කාලයේ පෙනෙන දෙදුනු ඇති වන්නේ කෙසේද?
මෙය සිදුවන්නේ සුර්යයාගෙන් පැමිනෙන අලෝකය චද්‍ර පෘෂ්ඨයේ වැදි එම අලෝකය නිසා එම අලෝකය පරාවර්තනය වී දහවල් කාලයේ දී දේදුන්න ඇතිවන අකාරයෙන්ම වලාකුළුවල ඇති ජල බින්දු තුලින් පරාවර්තනය වී දර්ශනය වේ. රාත්‍රී කාලයේදී දෙදුනු ඇති වූ අවස්ථා කිහිපයක් පහත දැක‍්වේ.
ඔබගේ අදහස් දැක්වීම පිළිබඳව - අදහස් දැක්වීමේදී කරුණාකර ඔබගේ වෙළඳ දැන්වීම,වෙබ් ලිපින, ඊ-මේල් ලිපින හෝ ඔබගේ පුද්ගලික දෑ ප්‍රචාරනය කිරීමට උත්සහ නොගන්න සංස්කාරක ගේ අනුමැතිය ඇතිව පමනක් ප්‍රචාරනය වන නිසා එවන් දෑ ලැබුනු සැනින් මකා දැමීමට කටයුතු කරනු ලැබේ.
Comment policy: Be nice and brief. Don't advertise your stuff, or promote your personal theories. We'll delete any comments that break these policies.
|