|
ඩොලර් 8000ට දැන් ඔබේම චද්‍රකාවක් ගුවන් ගත කීරීමට අවස්ථාවක් |
|
|
|
ලියන ලද්දේ ඊ.ඩී.ආර්. සුදර්ශන
|
|
2009 අගෝස්තු 05 වෙනි බදාදා, 15:31 |
|

ඔබේම කියා පුද්ගලික චද්‍රකාවක් උඩුගුවනේ තිබේනම් එය කොයිතරම් දෙයක්ද? කියා ඔබට සිතෙනු ඇත. ඔබ දැන් මේ කර්යය ඉටුකර දිමට ඇමරිකානු සමගමක් වන Interorbital Systems (IOS) නැමති සමාගම ඉදිරිපත් වී ඇත. එම සමාගම පවසන අන්දමට මේ සඳහා ගැනුම් කරුවෙකුට වැය වන්නේ ඩොලර් 8000 පමන මුදලක් එනම් ලංකාවේ මුදලින් රු.920000 පමන වේ.

TubeSat Kit නමින් හඳුන්වන මෙම කුඩා චද්‍රකා සතුව පහත දැක්වෙන පහසුකම් වලින් සහිතවේ.
| > |
පෘථිවියේ වීඩියෝ දර්ශන ලබාගැනීමට කැමරාවක් |
 TubeSat Kit චද්‍රකාව |
| > |
පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය මැනීමේ උපකරනයක් |
| > |
චද්‍රකාවක් දිශානතිය දැක්වීමේ උපකරනයක් |
| > |
කක්ෂයේ වටපිටාව පිලිබඳ තෙරතුරු දැක්වීමේ උපකරනයක් (පෘථිවියේ උශ්ණත්වය,පෘථිවියේ පීඩනය, විකීරනශිලික්වය වැනි තොරතුරු) |
| > |
ජෛව විද්‍යාත්මක පර්යේශන උපකරණ |
| > |
පුද්ගලික ඊ-මේල් යැවීමේ සේවාවන් |
IOS NEPTUNE 30 යානය මගින් අභ්‍යාවකාශගත ගත වන මෙම කුඩා පුද්ගලික චද්‍රකා පෘථිවියේ සිට කි.මී.310 පහත් මට්ටමේ කක්ෂයක රඳවනු ලැබේ. සති කිහිපයක කාලසීමාවකට සැලසුම් කර ඇති මේ කුඩා චද්‍රකාවක් එහි සේවා කාලය අවසන් වීමෙන් පසු ආරක්ෂා සහිතව නැවත පෘථිවි වායුගොලය තුලට පැමිනීමට සැලැස්වීමෙන් පසු විනාශ විම සිදුවන බව එම සමාගම පවසයි.
උපුටාගැනීම Universe Today මගින්.
ඔබගේ අදහස් දැක්වීම පිළිබඳව - අදහස් දැක්වීමේදී කරුණාකර ඔබගේ වෙළඳ දැන්වීම,වෙබ් ලිපින, ඊ-මේල් ලිපින හෝ ඔබගේ පුද්ගලික දෑ ප්‍රචාරනය කිරීමට උත්සහ නොගන්න සංස්කාරක ගේ අනුමැතිය ඇතිව පමනක් ප්‍රචාරනය වන නිසා එවන් දෑ ලැබුනු සැනින් මකා දැමීමට කටයුතු කරනු ලැබේ.
Comment policy: Be nice and brief. Don't advertise your stuff, or promote your personal theories. We'll delete any comments that break these policies.
|
|
LAST_UPDATED2 |